ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව
Open menu
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • සෞඛ්‍ය අංශය
    • කර්මාන්ත අංශය
    • ජල අංශය
    • මහජන පුස්තකාලය
    • ආයුර්වේද බෙහෙත් ශාලාව
    • පෙර පාසල
  • සභා තොරතුරු
    • සභා ඉතිහාසය
    • සිතියම්
    • ඉඹුල්පේ ගම් ගැන
  • ලේඛණ
    • සේවා සඳහා අයදුම්පත්
    • පුරවැසි ප්‍රඥප්තිය
    • මාසික සභා වාර්තා
    • අයවැය වාර්තා
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • මූල්‍ය ප්‍රකාශන
    • ගැසට්
  • සංචාරක ස්ථාන
    • පුජනීය ස්ථාන
    • සංචාරක ස්ථාන
    • ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ
  • අදහස් හා පැමිණිලි
    • ඔබගේ ප්‍රතිචාර
  • නිල බ්ලොග් අඩවිය
  • මාර්ග ගත ගෙවීම්

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය:
ඉඹුල්පේ ප‍්‍රදේශීය සභාව,
මොරහැල,
බළන්ගොඩ

විද්‍යුත් ලිපිනය:
imbulpeps@gmail.com

දුරකථන අංක:
(+94) 452287361

ෆැක්ස් :
(+94) 452287361

ලේකම්:
(+94) 0718004349


Facebook Page:

https://www.facebook.com/imbulpeps

 

whatapp 074 381 9271

Prasmapanda

 

විශේෂ නිවේදනයයි..

ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සේවයක් ලබා දීමේ අරමුණින් 2025 වර්ෂයේ අයවැය සකස් කිරීම සඳහා ප්‍රදේශවාසී ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඔබ ප්‍රදේශයේ සංවර්ධන යෝජනා,ආදායම් උත්පාදන යෝජනා හා සුබ සාධන යෝජනා 2024 අගෝස්තු මස 20 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න.
(සැ.යු - සභා ප්‍රතිපාදන හා විෂය පථයට අදාලව ඔබේ අදහස් හා යෝජනා වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ)

මෙතැනින් ඒ සඳහා පහත ගුගල් පෝරමය (google forms) සම්පූර්ණ කරන්න. 

ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ සේවා සැපයීම සම්බන්ධ ඔබගේ ඇගයීම්
මෙතැතින් ලබා දෙන්න

 

 

ඉඹුල්පේ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

උතුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ද, දකුණින් හා බටහිරින් බලංගොඩ නගර සභාවට සහ නැගෙනහිරින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මායිම්ව පිහිටි ඉඹුල්පේ ප්‍රා‍දේශීය සභාව කඩවත මැද දෙකෝරලයෙහි උඩුවග්ගම් පත්තුව හා තලාපිට ගම් පත්තුව ඒකාබද්ධ කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පණත යටතේ ස්ථාපනය කර ඇත. 1988 වසරේ සිට 2018 මාර්තු මස දක්වා විවිධ අවස්ථාවල ප්‍රා‍‍දේශීය සභා මැතිවරණ මගින් තේරී පත්වූ සභාපතිවරයෙකු හා මන්ත්‍රී මණ්ඩලයක් මගින් හෝ විශේෂ කොමසාරිස්වරයෙකු මගින් පාලනය වි ඇත. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මේ වන විට සබරගමු‍‍ව පළාත් පාලන කොමසාරිස් මගින් පාලනය කරනු ලබයි. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුරූප ව ග්‍රාම සේවා වසම් 50ක්, ගම් 253ක් පුරා විසිරී සිටින 64,635 ක පමණ වන සේවාලාභී ජනතාව සඳහා අවශ්‍ය කාර්ය හා කර්තව්‍යයන් ඉටු කිරීම වර්තමාන ප්‍රාදේශීය සභා ලේකම් ජේ.ජී.එස්.වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අනුමත ස්ථිර කාර්ය මණ්ඩලය 60 දෙනෙකු හා අනියම් හා ආදේශක කාර්ය මණ්ඩලය 08 දෙනෙකු විසින් සිදු කරනු ලබයි.

 

ලේකම්තුමියගේ පණිවිඩය
Secනව තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් වේගවත් සංවර්ධනයක් කරා ලෝකය ඇදී යද්දී සබරගමුව පළාතේ ඉඹුල්පේ ප්‍රාදේශිය සභාව ලෙස කාලානුරූපීව වෙනස් වෙමින් පළාතේ සංවර්ධනය වෙනුවෙන් උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අපගේ වගකීමය. ඒ සඳහා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපගේ සංවර්ධන ක්‍රියාවලියේ යහ සංකල්ප හා ඒවායේ ප්‍රතිඵල ජනතාවට අත්කර දීමටත් ආයතනයේ තොරතුරු හා ඉටුකෙරෙන සේවාවන් නිවැරදිව, ආකර්ශනීයව, හා වේගවත්ව ජනගත කීරීමටත් මෙම නවමු පියවර මහඟු පිටුවහලක් වනු ඇත. ඒ සඳහා මෙය ඇසුරු කරන ඔබද අප සමග එක්වනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ මගින් ප්‍රදේශයේ හා රටේ සංවර්ධනයට සුවිශාල කාර්යභාරයක් කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

 ජේ.ජී.එස්.වික්‍රමසිංහ මිය,
ලේකම්,
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව.

දැක්ම
“ඉසුරින් පිරි සුපසන් පුරවරයක්”

මෙහෙවර ප්‍රකාශය
පැවරී ඇති කාර්ය හා කර්තව්‍යයන් ඵලදායී ලෙස යොදාගනිමින් ජනතාවගේ ජීවන තත්වය සුඛිත මුදිත කිරීම අපගේ මෙහෙවර වන්නේය.

Sabalogo