ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ කුමරතුඟු මහජන පුස්තකාලය
දැක්ම
සහන් සිතක් පහන් දැයක්
මෙහෙවර
විශ්වයක දැනුම අතැඹුලට ගෙනෙමින් පුද්ගල හා කුසලතා සංවර්ධනය තුළින් මානුෂිය මෙන්ම සමාජීය යහපැවැත්ම තහවුරු කිරිමට අවශ්‍ය සම්පත් සේවා සැපයිම
පුස්තකාලයේ ඉතිහාසය හා ආරම්භය:
1960 දශකයේදී පමණ උඩුවග්ගම්පත්තු ගම් සභාව ලෙස පැවති ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් පොත් 400 – 500 ක් පමණ සම්පත් ප්‍රමාණයකින් කුමරතුඟු මහජන පුස්තකාලය ආරම්භ කර ඇත. ප්‍රාදේශීය සභා අරමුදලින් හා සබරගමුව පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යාංශයේ අරමුදල් වලින් කඩින් කඩ ගොඩනැගූ දෙමහල් ගොඩනැගිල්ල 2001 වසරේ දී ජනතා අයිතියට පවරා දෙන ලදී. කුමරතුඟු මහජන පුස්තකාලය 1961 දශකයේ ආරම්භ වුවත් 1998 වසරේ සිට ක්‍රියාකාරීව කටයුතු කර ඇති බව දක්නට ලැබේ. මේ අයුරින් ආරම්භ වූ කුමරතුඟු මහජන පුස්තකාලය දිනෙන් දින පාඨකයින් හා පොත් වලින් පොහොසත් ආයතනයක් බවට පත් විය. ඒ අනුව 2024 වර්ෂය වන විට පොත් 18864 ක් හා පාඨකයින් 2326 දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය.
එමෙන්ම 2011 වසරේ සිට කාර්යසාධන තරඟයෙන් පළාත් මට්ටමින් සම්මානයට පාත්‍ර වූ අතර 2012 සිට 2016 වසර දක්වා අඛන්ඩව ජාතික කියවීම් මාසය සැමරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් සම්මානයෙන් පිදුම් ලබාගැනීමට හැකිවීම සතුටින් සිහිපත් කරමි. සෑම විටම නව සංකල්පයන් ඔස්සේ පිය නගිමින් පාඨකයින්ගේ සිත දිනා ගැනීමට වෙර දරන කුමරතුඟු මහජන පුස්තකාලය පිළිබඳ ආයතන ප්‍රධානීන්ගේ විශේෂ අවධානයට ලක්වීම නිසා 2015 වසරේ දෙමහල් ගොඩනැගිල්ලට තවත් කොටසක් එක්කරමින් නවීකරණයට භාජනය විය. එමෙන්ම 2024 වර්ෂය අවසානයේ පුස්තකාල ගොඩනැගිල්ල පුළුල් කිරීමේ ප්‍රථම අදියර ලෙස උඩුමහල පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
නවීන තාක්ෂණය භාවිතා කරමින්, පෙර එක් පරිගණකයක් මඟින් සේවාව ලබාගත් පාඨකයෝ අද නැණසල ආයතනයේ පරිගණක යන්ත්‍ර 06 ක් භාවිතයට ගනිති. එමඟින් පරිගණක පාඨමාලා මෙන් ම නොමිලයේ දමිළ භාෂා පාඨමාලා හැදෑරීමට හැකිවීම ප්‍රදේශයේ දරු දැරියන් ලද භාග්‍යයකි . එමෙන්ම මුදල් ගෙවා ඉන්ටනෙට් , ඊමේල් පහසුකම් ලබාගැනීමටත් , Photocopy , Printout, Type setting ආදී සේවා ලබා ගැනීමටත් පාඨකයින්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට හැකිවී ඇත. එපමණක් නොව සබරගමුව පළාත් සභා ආධාර යටතේ ලක්ෂ 20ක් පමණ වැයකර ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම තුලින් යම් පමණකට හෝ ඉඩ පහසුකම් ඇති පුස්තකාලයක් ලැබීම පාඨකයින්ගේ මහත් භාග්‍යයකි. ලද සම්පත් අඩු වුවත් ඉතාමත් ක්රමාණුකූලව පුස්තකාලය කළමනාකරණය කර තිබීම පාඨකයින්ට තොරතුරු ගවේෂණයට පහසු වී ඇත.
පුස්තකාලය අයත් මවු ආයතනය :
කුමරතුඟු මහජන පුස්තකාලය
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව,
පාගල්ඕවිට, මොරහැල,
බලංගොඩ.
ශාඛා පුස්තකාලය
නිදහස් ස්වර්ණ ජයන්ති මහජන පුස්තකාලය,
ගලගම, බෙලිහුල්ඔය.
දුරකථනය : 045 -2287361
විද්‍යුත් ලිපිනය:
Facebook:
පිහිටීම :
ප්‍රාදේශීය සභා කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ උඩු මහලේ කුමාරතුඟු මහජන පුස්තකාලය පිහිටා තිබේ.
විවෘතව තබන වේලාවන් :
සතියේ දිනවල පෙ.ව.08.30 සිට ප.ව. 4.30 දක්වා විවෘත වේ.(රජයේ නිවාඩු දින වල වසා ඇත)
වර්ථමාන තත්ත්වය :
2021 වර්ෂය වන විට 2000ක් පමණ සාමාජික පිරිසක් ද , 16600කට ආසන්න පොත් සංඛ්‍යාවක් ද පුස්තකාලය සතුව තිබේ. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 50 පමණ වේ.
කුමාරතුගු මහජන පුස්කාලයේ පවතින ප්‍රධාන අංශ
• බැහැරදෙන අංශය
• විමර්ශන අංශය
• ළමා අංශය
• පුවත්පත් කියවීම් අංශය
• වාර සගරා අංශය
• පොත් බැඳුම්කරන අංශය
• නැණසල ආයතනය
සේවාවන්
• පොත් බැහැරදිමේ සේවය
• ජංගම පුස්තකාල සේවය
• විමර්ශන සේවය
• පුවත්පත් කියවීම් සේවය
• වාර සගරා සේවය
• අන්තර්ජාල පහහසුකම් සේවා
සාමාජිකත්වය ලබා ගැනීම සහ පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය (වැඩිහිටි / ළමා අංශ)
• සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
• සාමාජික මුදල් ගෙවීම.
• සාමාජික කාඩ් පත ලබා ගැනීම.
• කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.
• වසරකට වරක් සාමාජිකත්වය අළුත් කිරිම
කුමරතුඟු මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන්
1. අධ්‍යාපනික සම්මන්ත්‍රණ / දේශන පැවැත්විම
2. ජංගම පුස්තකාල වැඩසටහන් පැවැත්විම
3. ජාතික කියවිම් මාසය සැමරිම සඳහා විශේෂ වැඩසටහන් පැවැත්විම
4. පොත් කියවිම් කඳවුරු පැවැත්විම
පුස්තකාල ගාස්තු :
විස්තරය | ගාස්තුව |
පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තු | රු.25.00 |
පුස්තකාල සාමාජික ගාස්තු | පාසල් සිසුන්ට රු.50.00 වැඩිහිටියන්ට රු.100.00 |
පුස්තකාල සාමාජිකත්ව අළුත් කිරිම අයදුම්පත් ගාස්තු | රු.20.00 |
වසරක් සදහා සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තු | රු.25.00 |
පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට ඒක පොතක් සදහා) | රු.1.00 |
පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම
පොතක් නැති වූ විට අදාළ පොත ම සාමාජිකයා විසින් පුස්තකාලය වෙත ලබා දීම හෝ එම පොතේ වටිනාකම සමග දෙපාර්තුමේන්තු ගාස්තු වශයෙන් 25%ක මුදලක් පුස්තකාලය වෙත ගෙවිය යුතුය.
ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ බෙලිහුල්ඔය නිදහස් ස්වර්ණ ජයන්ති මහජන පුස්තකාලය
ඉතිහාසය :
1960 දශකයේ දි පමණ ආරම්භ කළ ඉඹුල්පේ කුමරතුඟු මහජන පුස්තකාලයට අනුබද්ධිතව ශාඛා පුස්තකාලයක් ලෙස බෙලිහුල්ඹය නිදහස් ස්වර්ණ ජයන්ති මහජන පුස්තකාලය කොළඹ බදුලු ප්‍රධාන මාර්ගයේ ගලගම ප්‍රදේශයේ බෙලිහුල්ඹය ර/ ධම්මරතන මහා විද්‍යාලයට ආසන්නව ස්ථාපනය කර ඇත. එහි 2021 වර්ෂය වන විට පාඨකයින් 750ක් හා 8000 කට ආසන්න වු පොත් සංඛ්‍යාවක් පවති.
පිහිටීම :
කොළඹ බදුලු ප්‍රධාන මාර්ගයේ ගලගම ප්‍රදේශයේ බෙලිහුල්ඹය ර/ ධම්මරතන මහා විද්‍යාලයට ආසන්නව පිහිටා තිබේ.
විවෘතව තබන වේලාවන් :
සතියේ දිනවල පෙ.ව.08.30 සිට ප.ව. 4.30 දක්වා විවෘත වේ.(රජයේ දින වල වසා ඇත)
වර්ථමාන තත්ත්වය :
2021 වර්ෂය වන විට 750ක් පමණ සාමාජික පිරිසක් ද , 8000කට ආසන්න පොත් සංඛ්‍යාවක් ද පුස්තකාලය සතුව තිබේ. දිනපතා පුස්තකාලයට පැමිණෙන පාඨක පිරිසද 25 පමණ වේ.
සාමාජිකත්වය ලබා ගැනීම සහ පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය (වැඩිහිටි / ළමා අංශ)
- සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
- සාමාජික මුදල් ගෙවීම.
- සාමාජික කාඩ් පත ලබා ගැනීම.
- කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.
- වසරකට වරක් සාමාජිකත්වය අළුත් කිරිම
බෙලිහුල්ඹය නිදහස් ස්වර්ණ ජයන්ති මහජන පුස්තකාලය , කුමාරතුඟු මහජන පුස්තකාලය විසින් සිදු කරනු ලබන සියලු කටයුතු වලට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් පවත්වා ගෙන යනු ලබයි.
මහජන පුස්තකාලය අනුබද්ධ නැණසල මධ්‍යස්ථානය
ඉඹුල්පේ කුමරතුඟු මහජන පුස්තකාලයට අනුබද්ධිතව පාඨකයන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, මුද්‍රිත පිටපත් (Printout) හා ඡායාපිටපත් (Photocopy) සේවාවන් ලබා ගැනිම සඳහා ස්ථාපනය කර ඇත.
නැණසල ආයතනය ආරම්භ කිරීම සදහා දායකත්වය ලබා දෙනු ලැබුවේ තොරතුරු තාක්ෂණ හා සංනිවේදන අමාත්‍යාංශය මගිනි .
පිහිටීම :
ප්‍රාදේශීය සභා කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා තිබේ.
ව්‍යාපෘතියේ අරමුණ
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ ජීවත්වන දුවා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම සමීප කරවමින් හා ප්‍රදේශයේ ජීවත් වන ජතතාවට තාක්ෂණික පහසුකම් ලබා දීම තුලින් එදිනෙදා කටයුතු කාර්යක්ශමව හා ඵලදායි ලෙස කරවීම සදහා දායකවීම.
මෙමගින් ඉටුකෙරෙන කාර්යයන්
• පාසැල් දරුදැරියන්ගේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීම
• ඉන්ටර්නෙට් භාවිතා කිරීම ඉක්මණින් හා පහසුවෙන් තොරතුරු සේවා ලබා ගැනීම සදහා උපදෙස් ලබා දෙනමින් දැනුම ලබා දීමට අත්වැලක් වීම.
• පුස්තකාලය හා සම්බන්ධව විද්‍යුත් පුස්තකාලයක් පවත්වාගෙන යාම
• ජනතාවට පැන නැගින පරිගණක ගැටළු නිරාකරණය කරවීම
• පරිගණක පාඨමාලා හැදැරීම සදහා අවස්ථාව ලබා දීම හා පාසැල් දුවා දරුවන්ගේ පරිගණක සම්බන්ධව උනන්දුවක් ඇති කරවීම
• දත්ත ගොනු සැකසීමට උදව් කිරිම
විස්තරය | ගාස්තුව |
A4 තනි පැත්ත | රු.8.00 |
A4 දෙපැත්ත | රු.10.00 |
A3 තනි පැත්ත | රු.10.00 |
A3 දෙපැත්ත | රු.12.00 |
ලීගල් | රු.18.00 |
ස්කැන් A4 | රු.18.00 |
ඉන්ටර්නෙට් සේවා පැයකට | රු.100.00 |
පරිගණක පාඨමාලා (ත්‍රෛමාසික) | රු.500.00 |
ෆැක්ස් A4 | රු.20.00 |
ටයිප් සෙටිං | රු.80.00 |
ප්‍රින්ට් අවුට් | රු.30.00 |
දෙමළ භාෂා පාඨමාලා (2 සිට 5 ශ්‍රේණිය දක්වා) | රු.500.00 |
වැඩි විස්තර සඳහා විෂයභාර නිළධාරී 045-2287361මඟින් අමතන්න