ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

පිහිටිම
බලංගොඩ පින්නවල මාර්ගයේ කිලෝමිටර් 15 ක් පමණ ගමන් කර කණතිරියන්වල හන්දියෙන් ගුරුබැවිල මාර්ගයේ රයි කැපොක්වත්ත ප්‍රදේශයේ හෙක්ටෙයාර් 01ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇත.

අරමුණ:-
• කුඩා නගර හා මාර්ග දෙපස විසිරුණු කසල දක්නට නොමැතිවීම.
• පරිසර හිතකාමි කසල බැහැර කිරීමේ ක්‍රමයක් ඇති කිරීම.
• තිරසාර ඝණ අපද්‍රව්‍ය වැඩ සටහනක් ඇති කිරීම.
• පරිසර හිතකාමි පරිසරයක් ගොඩගැනීම

ප්‍රධාන කාර්යයන්,
• කසළ එකතු කිරීම.
• කසළ වෙන් කිරීම.
• දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදිම.
• දිරා නොයන අපද්‍රව්‍ය ගබඩා කර විකිණිම.
• නිවාස සඳහා ගෘහස්ථව කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බඳුන් හඳුන්වා දීම.
• අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම.

කසළ එකතු කිරිම
දිරන කසල හා නොදිරන කසල ලෙස වෙන් වෙන් වශයෙන් ලබා ගැනිම සිදු කරයි. ඒ සඳහා ට්‍රැක්ටර් රථ දෙකක් යොදවා ඇත.

කසළ වෙන් කිරිම
කසල ලබා ලබා ගැනිමේදිම දිරන හා නොදිරන ලෙස කසල වෙන් කර ලබා ගැනිම සිදු කරයි.
නොදිරන කසල ලබා ගැනිම අඟහරුවාදා හා සිකුරාදා දින වලදි සිදු කරන අතර සතියේ අනෙක් දිනවලදි දිරන කසල ලබා ගැනිම සිදු කරයි.

දිරන කසළ වලින් කොම්පොස්ට් සැදිමේ ක්‍රියාවලිය
රැස් කරනු ලබන දිරන කසල කොම්පෝස්ට් කරණයට භාජනය කරනු ලබයි. මෙහිදි කසල අට්ටි සැකසිම හා ජීරණ ක්‍රියාවලියට යොමු කරනු ලබයි.

දිරා නොයන අපද්‍රව්‍ය ගබඩා කර විකිණිම
දිරා නොයන ද්‍රව්‍ය ලෙස ලැබෙන පොලිතීන්, විදුරු, ටින්, යකඩ ආදිය ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ගබඩා කර විකිණිම සිදු කරයි.

නිවාස සඳහා ගෘහස්ථව කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බඳුන් හඳුන්වා දීම
ගෘහස්ථ කොම්පෝස්ට් ක්‍රියාවලිය බලාත්මක කිරිම සඳහා කොම්පෝස්ට් බඳුන් බෙදා දිම සිදු කරනු ලබයි

 කසළ කළමණාකරනයේ වර්තමාන තත්වය :
මේ වන විට දිරන කසල මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා අලෙවිය සිදු කරනු ලබන අතර නොදිරන කසල ප්‍රතිචක්‍රිකරණය සිදු කරනු ලබයි.

 කසල වර්ගීකරණය

කසළ වර්ගය ප්‍රතිශතය %  ප්‍රමාණය (Kg) 
පොලිතින් 15 150
කඩදාසි/කාඩ්බෝඩ් 5 50
ටින් වීදුරු 5 50
ඉවත දැමිය යුතු කසළ 15 150
දිරායන කසල 60 600
එකතුව 100 1000

 

කසල රැස්වන ස්ථාන අනුව ප්‍රතිශතයක්

විස්තරය ප්‍රතිශතය % ප්‍රමාණය (Kg)
නිවස 30 300
වෙළදසැල්/හෝටල්/පොල භූමි 60 600
වීදි හා මාර්ග 5 50
රාජ්‍ය ආයතනය 5 50
  100 100

 

මෙතෙක් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර ප්‍රමාණ හා අලෙවියෙන් ලද ආදායම

වර්ෂය නිෂ්පාදිත පොහොර ප්‍රමාණය (Kg) ලැබු ආදායම රු.
2020 3575 20,010.00
2021 4549 48,390.00
2022 මාර්තු වන විට 175 1,885.00

 

කසළ වෙන්කිරීමේ දී එක් රැස් වන නොදිරන කසළ වලට සිදුවන්නේ කුමක්ද?

කඩදාසි හා කාඩ්බෝඩ්:
ප්‍රතිචක්‍රිකරණයට යොමු කරනු ලබයි.

ප්ලාස්ටික්:
ප්‍රතිචක්‍රිකරණයට යොමු කරනු ලබයි.

පොලිතින්:
ප්‍රතිචක්‍රිකරණයට යොමු කරනු ලබයි.

යකඩ:
ප්‍රතිචක්‍රිකරණයට යොමු කරනු ලබයි.

විදුරු:
ප්‍රතිචක්‍රිකරණයට යොමු කරනු ලබයි.

අනාගත අපේක්ෂාවන්:
• තිරසර පුරවර පරිසර හිතකාමි සමෘද්ධිමත් ග්‍රාමයක් ගොඩනැගිම.
• කසල ජනනය අවම කිරිම සහ පරිසර හිතකාමි ලෙස කසල බැහැර කිරිම සිදුකිරිම.

ප්‍රාදේශිය සභා සෞඛ්‍ය අංශය මඟින් සිදු කරන අනෙකුත් සේවාවන්
• බෝවන රෝග පාලනය කිරිම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අවශ්‍ය සහය ලබා දිම.
• රෝග වාහකයන් පාලනය කිරිම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අවශ්‍ය සහය ලබා දිම.
• ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරිම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අවශ්‍ය සහය ලබා දිම.

 

වැඩි විස්තර සදහා විෂයභාර නිළධාරී 0452287361 මගින් අමතන්න.