ඉඹුල්පේ ප්රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
උතුරින් නුවරඑළිය දිස්ත්රික්කයට ද, දකුණින් හා බටහිරින් බලංගොඩ නගර සභාවට සහ නැගෙනහිරින් හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවට මායිම්ව පිහිටි ඉඹුල්පේ ප්රාදේශීය සභාව කඩවත මැද දෙකෝරලයෙහි උඩුවග්ගම් පත්තුව හා තලාපිට ගම් පත්තුව ඒකාබද්ධ කර 1987 අංක 15 දරන ප්රාදේශීය සභා පණත යටතේ ස්ථාපනය කර ඇත. 1988 වසරේ සිට 2018 මාර්තු මස දක්වා විවිධ අවස්ථාවල ප්රාදේශීය සභා මැතිවරණ මගින් තේරී පත්වූ සභාපතිවරයෙකු හා මන්ත්රී මණ්ඩලයක් මගින් හෝ විශේෂ කොමසාරිස්වරයෙකු මගින් පාලනය වි ඇත. ඉඹුල්පේ ප්රාදේශීය සභාව මේ වන විට සබරගමුව පළාත් පාලන කොමසාරිස් මගින් පාලනය කරනු ලබයි. ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුරූප ව ග්රාම සේවා වසම් 50ක්, ගම් 253ක් පුරා විසිරී සිටින 64,635 ක පමණ වන සේවාලාභී ජනතාව සඳහා අවශ්ය කාර්ය හා කර්තව්යයන් ඉටු කිරීම වර්තමාන ප්රාදේශීය සභා ලේකම් ජේ.ජී.එස්.වික්රමසිංහ මහත්මිය ඇතුළු අනුමත ස්ථිර කාර්ය මණ්ඩලය 60 දෙනෙකු හා අනියම් හා ආදේශක කාර්ය මණ්ඩලය 08 දෙනෙකු විසින් සිදු කරනු ලබයි.
ගරු සභාපතිතුමාගේ පණිවිඩය
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන වත්මන් ආණ්ඩුවේ සංකල්පය තුළින් ඉඹුල්පේ ප්රාදේශීය සභා බල ප්රදේශයේ ග්රාමීය දුප්පත්භාවය දුරලමින් ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනේ ඇති අභිලාශයන් ක්රියාත්මක කරමින් හා ඩිජිටල්කරණය මගින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් නව ආර්ථික , සමාජීය සංස්කෘතික , අධ්යාපනික හා ආධ්යාත්මික පරිවර්ථනයක් කරා සමාජය යොමු කරවීමට සියළු රාජ්ය ආයතන , පෞද්ගලික ආයතන හා මහජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මා අපේක්ෂා කරමි
ඒ.එම්.එස්.ඒ.බණ්ඩාර
ගරු සභාපති
ඉඹුල්පේ ප්රාදේශිය සභාව
ලේකම්තුමියගේ පණිවිඩය
නව තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් වේගවත් සංවර්ධනයක් කරා ලෝකය ඇදී යද්දී සබරගමුව පළාතේ ඉඹුල්පේ ප්රාදේශිය සභාව ලෙස කාලානුරූපීව වෙනස් වෙමින් පළාතේ සංවර්ධනය වෙනුවෙන් උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අපගේ වගකීමය. ඒ සඳහා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපගේ සංවර්ධන ක්රියාවලියේ යහ සංකල්ප හා ඒවායේ ප්රතිඵල ජනතාවට අත්කර දීමටත් ආයතනයේ තොරතුරු හා ඉටුකෙරෙන සේවාවන් නිවැරදිව, ආකර්ශනීයව, හා වේගවත්ව ජනගත කීරීමටත් මෙම නවමු පියවර මහඟු පිටුවහලක් වනු ඇත. ඒ සඳහා මෙය ඇසුරු කරන ඔබද අප සමග එක්වනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ මගින් ප්රදේශයේ හා රටේ සංවර්ධනයට සුවිශාල කාර්යභාරයක් කිරීමට හැකියාව ලැබේවායි ප්රාර්ථනා කරමි.
ජේ.ජී.එස්.වික්රමසිංහ මිය,
ලේකම්,
ඉඹුල්පේ ප්රාදේශීය සභාව.
දැක්ම
“ඉසුරින් පිරි සුපසන් පුරවරයක්”
මෙහෙවර ප්රකාශය
පැවරී ඇති කාර්ය හා කර්තව්යයන් ඵලදායී ලෙස යොදාගනිමින් ජනතාවගේ ජීවන තත්වය සුඛිත මුදිත කිරීම අපගේ මෙහෙවර වන්නේය.

