ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ කර්මාන්ත අංශය

ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ පොදු පහසුකම් ලබා දෙමින් ප්‍රදේශයේ සංවර්ධනය වැඩි දියුණු කිරීම සදහා දායකත්වය ලබා දීම කර්මාන්ත අංශය තුලින් සිදු කරයි.

වීථි රේඛා හා නොපවරවා ගැනිමේ සහතික ලබා දීම

වීථී රේඛා හා නොපවරවා ගැනිමේ සහතිකය යනු,
ප්‍රධාන මාර්ගයේ සිට ගොඩනැගිල්ලක් හෝ ඉදිකිමේ දී මාර්ගයට අත් හැරිය යුතු ඉඩ ප්‍රමාණය නිවැරදි ව සකස් කිරිම හා වීථී රේඛා වලින් නිදහස් බවට සහතික කිරීමයි.

සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :
• විථි රේඛා සහතිකයක් අවශ්‍ය බවට ඉල්ලිම් ලිපිය
• නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය
• හිම්කම් ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
• බිම් සැකස්මේ මුල් පිටපත සහ ඡායා පිටපත
• ලබා ගන්නා ණය මුදල රුපියල් 500000.00 අඩු නම් ඒ බව සදහන් කරමින් අදාළ බැංකුව විසින් ලබා දෙන ලද ලිපියක්

ලේඛන හා ලියවිලි භාර දිමෙන් පසු :
• තාක්ෂණ නිලධාරී වෙත යොමු කර වාර්තාව ලබා ගැනිම
• වරිපනම්, ජල, කසල, අක්කර බදු, බලපත්‍ර ආදී විෂයභාර නිළධාරි වෙත යොමු කර යාවත්කාලීන ආදායම් වාර්තා ලබා ගැනිම
• නියමිත ගාස්තු අය කිරීම
• වීථී රේඛා හා නොපරවා ගැනිමේ සහතිකය නිකුත් කිරීම‍

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි අනුමැතියක් යනු කුමක්ද?
ප්‍රාදේශිය සභා සීමාව තුළ කරනු ලබන සියඵම ඉදිකිරීම් ‍සඳහා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. සභාව විසින් නිකුත් කරන නිර්ණායකයන් මත සැලසුම් සකස් කර ගොඩනැඟිල්ල ඉදි කිරීම සදහා නිල වශයෙන් අවසර ලබා දීම ගොඩනැගිලි සැලසුම් අනුමැතියක් ලෙස හඳුන්වයි. (ඉදිකිරිම සිදු කරනු ලබන ඉඩම අවම වශයෙන් පර්චස් 06ක් විය යුතුය)

සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :
• නිවැරදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
• ඉඩමේ ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
• ඉඩමේ පිඹුරේ මුල් පිටපත හා ඡායා පිටපත
• ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා අදින ලද A2 හෝ එම ප්‍රමාණයට ඉහල ප්‍රමාණයේ ගොඩනැගිලි සැලසුමේ මුල් පිටපත් 02
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආයතනය මගින් ලබා දෙන ලද භූමි යෝග්‍යා සහතිකයේ මුල් පිටපත

ලේඛන හා ලියවිලි භාර දිමෙන් පසු :
01. තාක්ෂණ නිළධාරී වෙත ලිපිගොනුව භාර දීම.
02. තාක්ෂණ නිළධාරී විසින් ස්ථාන පරීක්ෂාව.
03. අදාල ලිපිගොණු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත භාර දීම.
04. කොට්ඨාශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කිරීම.
05. ගොඩනැගිලි සැලසුම් කමිටුව පැවැත්වීම.
06. කමිටු අනුමැතිය ලැබී ඇතිනම් අදාළ ගාස්තුව අය කර සැලසුම අයදුම්කරුට ලබා දීම හෝ සැලසුම් තීරණය අදාළ අයදුම්කරුට දැන්වීම.

ගොඩනැගිලි අනුමැතිය ලබා නොගත් විට එම ඉදිකිරිම
• අනවසර ඉදිකිරීමක් වේ.
• ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිම සඳහා නීතියානුකූලව කටයුතු කරනු ලබයි.
ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් ගාස්තු - රු.30.00

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිමේ ගාස්තු 

 ගොඩනැගිලි සැලසුම (වර්ග අඩි)   නේවාසික  නේවාසික නොවන
 01 - 500   රු.300.00   රු.1000.00
 501 - 1000   රු.500.00   රු.1500.00
 1001 - 2000   රු.750.00   රු.2000.00
 2001 - 3000    රු.1000.00   රු.2500.00
 3001 සිට සෑම වැඩිවන වර්ග අඩි 500 හා ඉන් කොටසකට   රු.500.00   රු.1000.00
 පිඹුරුපතක් සඳහා  රු 500.00

 

අනුකූලතා සහතික

අනුකූලතා සහතිකය යනු කුමක්ද?
ඕනෑ ම ඉදිකිරීමක් (ගොඩනැගිල්ලක් හෝ තාප්පයක්) සඳහා අනුමැතිය ලබා ගත් පසු , එම ඉදිකිරීම අදාළ කාලය තුළ සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව අනුමත සැලසුමේ ආකාරයට පදිංචියට හෝ භාවිතයට සුදුසු පරිදි ඉදි කර ඇති බවට දෙනු ලබන සහතිකයයි.

සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :
ඉල්ලිම් ලිපිය
ඉඹුල්පෙ ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිලි සැලසුම් කම්ටුව විසින් අනුමත කරන ලද ඉහත අංක 03ට අදාළ ලිපිය හා නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත

බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම

බිම් කට්ටි අනුමැතියක් යනු කුමක්ද?
නිවාසයක් හා ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමට පෙර එම භුමිය ඉදිකිරීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම වේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත බිම් කට්ටියක් සඳහා අවසර දෙනු ලැබේ. බිම් කොටසේ අවම බිම් ප්‍රමාණය පර්චස් 06ක් විය යුතුය
සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :
• සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
• ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
• මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපත
• ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ලබා දෙන ලද ඉඩමේ පිහිටීම පිළිබද වර්තාව

අනතුරුදායක ගස් ඉවත් කිරීම

• අනතුරුදායක ගසක් ඉවත් කිරිමට අව්‍යශ බව ලිපියක් මඟින් කාර්යාලය වෙත ඉල්ලිමක් කිරිම.
• අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අදාළ අයදුම්පතක් ලබා ‌ගෙන සම්පූර්ණ කරන ලද අයදුම්පත කාර්යාලයට භාර දීම.
• පරීක්ෂා කිරීමේ ගාස්තුව රු.500.00 ක් කාර්යාලය බැර කිරීම.
• තාක්ෂණ නිළධාරී විසින් අදාළ ගස සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර වාර්තාව ලබා ‌ගැනීම.
• එම වාර්තාව අනුව සිදු කළ යුතු ‌දේ පිළිබඳව ගස අයිතිකරුට ලිඛිතව දැන්වීම.
• අදාළ අයිතිකරු ගස ඉවත් කර නොගන්නේ නම් ලිපි 03ක් මඟින් අයිතිකරුට දැන්විමෙන් අනතුරුව සභාව මැදිහත් වී ගස ඉවත් කිරීමට කටයුතු කිරීම.(තාක්ෂණ නිළධාරී වාර්තාව අනුව ගස ඉවත් කිරීමට අවශ්‍ය නම් පමණි.)

වීදී පහන් නඩත්තුව

වීථි පහනක් යනු,
පළාත් පාලන ආයතන තුළින් පොදු මං මාවත් මහාමාර්ග ඇතුළු පොදු ස්ථාන වල රාත්‍රී ආලෝකකරණය සඳහා සවි කර ඇති විදුලි පහන් වේ.

වීථි පහනක් නඩත්තු කරිමේ ක්‍රියා පටිපාටිය,
• මහජනයා විසින් පැමිණිලි වාර්තා කිරීම.
• කාර්මික නිළධාරි හරහා විදුලි කාර්මිකට වාර්තා කිරීම.
• විදුලි කාර්මික විසින් ස්ථානය පරීක්ෂා කර නඩත්තු කටයුතු සිදු කිරීම.
• වීදී පහන් භාරකාරීත්වය විසින් තහවුරු කර කාර්මික නිළධාරි වෙත දැනුම් දීම.
විථී පහන් නඩත්තු පිළිබඳ පැමිණිලි කාර්යාලයට පැමිණ ‍හෝ දුරකථන ඇමතුම් මඟින් ලබාදිය හැක.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර

සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :
• ඉල්ලිම් ලිපිය
• සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
• ඉඩමෙ ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත
• බිම් සැකස්මේ මුල් පිටපත සහ ඡායා පිටපත
• එම වසරට අදාළව ව්‍යාපාරය සඳහා ලබා ගත් වෙළඳ බලපත්‍රය
• ව්‍යාපාරය පවත්වා ගෙන යාම පිළිබඳව වි‍රෝධතා නොමැති බවට අසල්වැසියන්ගෙන් ලිපි 2ක

හියුම් බට නිෂ්පාදනය හා අලෙවිය

ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවට අයත් පොදු මාර්ග සඳහා අවශ්‍ය හියුම් බට නිෂ්පාදනය වෙනුවෙන් මෙම හියුම් බට අංගනය ආරම්භ කරන ලදි.

හියුම් බට අංගනය පිහිටිම:
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්මලවින්න, කුඩුගල්වත්ත, සියඹලාගස්වත්ත පාරහි පිහිටා ඇත.

ඔබට අවශ්‍ය හියුම් බට ලබා ගැනිම සඳහා:
• සභාපති, ලේකම් ඉඹුල්පේ ප්‍රාදේශිය සභාව ලිපිනයට මාර්ගයේ දළ සැලැස්ම සහිතව ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කිරිම
• කාර්මික නිළධාරි ස්ථානිය පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව හියුම් බට ලබා දිම පිළිබඳ තිරණය කරනු ලැබේ.

හියුම් බට අලෙවි කිරිමේ මිල ගණන්

විස්තරය ගාස්තුව
විශ්කම්භය අඩි 01 x දිග අඩි 04 රු.8,000.00
විශ්කම්භය අඩි 01 ½ x දිග අඩි 04 රු.9,100.00
විශ්කම්භය අඩි 02 x දිග අඩි 04 රු.10,300.00

 

ඉහත සදහන් අනුමැතියන් හා ලියවිලි ලබා ගැනිම සදහා සියළුම ලේඛන නිවැරදිව හා නීත්‍යානුකූල වේ නම් පහත සදහන් කාලය තුලදී ඔබට ලබා ගත හැක.

ලේඛනයෙ නම ගතවන කාලය
විථිරේඛා සහතිකය විනාඩි 30
නව ජල සම්බන්ධතා ලබා දීම දින 07
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම මාස 01
අනුකූලතා සහතික දින 02
ඉඩම් කට්ටි සැලසුම් අනුමත කිරිම මාස 01
අනතුරුදායක ගස් ඉවත්කිරීම දින 14
පරිසර බලපත්‍ර මාස 01

 

වැඩි විස්තර ලබා ගැනීම සදහා අමතන්න

තාක්ෂණික නිලධාරි පී.එම්.මුණසිංහ මහතා - 071-8391434 / 045-2287361