නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

Aruwedaya

ප්‍රාදේශිය සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. මෙම ආයුර්වේද ඔසුහල සඳහා මසකට රෝගීන් 100ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණේ.

දැක්ම
මනා පෝෂණයකින් යුත් නිරෝගිමත් කයක් සහ මනසක් ඇති පුද්ගලයෙකු සමාජයට දායාද කිරිම අපගේ දැකිමයි.

මෙහෙවර
ස්වස්ථ පරායනය ආතුර පරායතනය යන දෙක ඇති කිරිම අපගේ මෙහෙවරයි. ස්වස්ථ පරායනය යනු නිරෝගිමත් පුද්ගලයෙකුගේ නි‍රෝගි බව තව දුරටත් ආරක්ෂා කර ගෙන රෝග ඇති විම වලක්වා ගැනිමට උපදෙස් දිමයි. ආතුර පරායතනය යනු පුද්ගලයෙකුට කායික හා මානසික වශයෙන් වැළදෙන රෝගවලට ප්‍රතිකාර ලබා දි නිරෝගි පුද්ගලයෙකු ඇති කිරිමයි.

 

පිහිටීම
ප්‍රාදේශීය සභා කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ පිහිටා තිබේ.

 

සේවා
• රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
• ප්‍රාදේශිය සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
• ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම.
• ඔසු පැන් හා කොළ කැඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම
• මාතෘ සායනවලට, පෙර පාසල් ළමුන්ට පෝෂණ ආහාර වේල් ලබා දිම තුලින් ප්‍රජාවගේ පෝෂණ තත්වය නගා සිටුවිම
• බෝවන රෝග පවතින අවස්ථාවල දැනුවත් කිරිම හා ප්‍රතිකාර ලබා දිම