ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ පෙර පාසල

පිහිටීම
ප්‍රාදේශීය සභා කාර්යාලයට මිටර් 100ක් පමණ දුරින් ඉඹුල්පේ ප්‍රාදේශිය සභා පෙර පාසල පිහිටා තිබේ.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් අතර තවත් එක් ප්‍රජා සේවාවක් ලෙස ඉඹුල්පේ ප්‍රාදේශිය සභා පෙර පාසල හැඳින්විය හැකිය. විධිමත් පරිදි අයදුම්පත් කැඳවිමෙන් පසු දරුවන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබන අතර, අවශ්‍ය අයදුම් පත් සැම වසරකම ඔක්තෝම්බර් මාසයේදි ඉඹුල්පේ ප්‍රාදේශිය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය. දරුවන් ඇතුලත් කර ගැනිමේදි දරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ පූර්ණ අනුග්‍රහය මත ලබා දෙනු ලබයි. පෙර පාසල ආරම්භ වන්නේ පෙ.ව.8.00 ට වන අතර, අවසන් වන්නේ පෙ.ව.11.30 ට ය. පෙර පාසල් නිල ඇඳුමෙන් සැරසී දරුවන් පෙර පාසල වෙත පැමිණිය යුතු අතර, සිකුරාදා දින පමණක් බොටමක් සහ ටී ෂර්ටට් එකක් අඳිනු ලබයි. (සිකුරාදා දින දරුවන්ට ක්‍රීඩාපිටිය තුළ සෙල්ලම් කිරීමට සහ වැලි/මැටි ආදී ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව උදාවෙයි.)

අයදුම්පත් කැඳවීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. පෙර පාසල වෙත දරුවන් ඇතුළත් කරගනු ලබන්නේ ඉඩ පහසුකම් මත, ලැබෙන අයදුම්පත් අතරින් පෙර පාසලට ආසන්න මට්ටමේ සිටින දරුවන් 40 දෙනෙක් පමණි. මේ තුළින් වසර පුරා අප සමාජයට හිතකර දරු පිරිසක් යොමු කිරීමට කටයුතු කරනු ලබයි.

පූර්ව ළමාවිය පිළිබඳ ඩිප්ලොමාධාරි සුදුසුකම්ලත් පෙර පාසල් පාලිකාවන් දෙදෙනෙකු විසින් ඉගෙනුම් කටයුතු මෙහෙයවනු ලබයි. මීට අමතරව වාර්ෂික සැලැස්මකට අනුගත වෙමින් පෙර පාසලේ කටයුතු සිදු කරනු ලබන අතර, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා සහ ලේකම්තුමාගේ මුලික මඟ පෙන්වීම යටතේ වසර පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව,
• පෝෂණ වැඩසටහන්
• පරිසර චාරිකා
• අධ්‍යාපන චාරිකා
• දන්ත සායන
• පොහොය වැඩසටහන්
• වාර්ෂික විවිධ ප්‍රසංග
ක්‍රියාත්මක කරයි.

වැඩි විස්තර සඳහා විෂයභාර නිළධාරී 045-2287361මඟින් අමතන්න